Colombo Today Local News

IMF නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර අද තවත් නිල සාකච්ඡාවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16)දිනයේ සිට ආරම්භ වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ, 6 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස, විදුලිබල මණ්ඩලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයාතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ඔවුන් පසුගිය දා ජනාධිපතිවරයා හමූ වී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළහ.

මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 19 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

Related posts

ජාතික වෙසක් සතිය අදින් ඇරැඹෙයි

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

කොත්තු, පරාටා, ෆ්‍රයිඩ් රයිස් කනවානම් මාරයාද ඔබ සොයා ළඟ ළඟම පැමිණෙයි!

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

“ස්වයංපාලනය දෙනු.. නැතිනම් උතුරේ අය ආයුධ අතට ගනී.. මරාගෙන මැරෙයි“ වික්‍රමබාහු

colombotoday