World

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි.

මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය.

හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන්, විජයකාන්ත්ගේ රසික රසිකාවියන් ඔහු ‘කැප්ටන්’ යන නමින් හඳුන්වයි.

රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු, විජයකාන්ත්, ‘ඩී.එම්.කේ.’ පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය.

තමිල්නාඩුවේ, සෙසු දේශපාලන පක්ෂවලට අභියෝගයක් වූ විකල්ප දේශපාලන පක්ෂයක් ලෙස ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය ප්‍රසිද්ධය.

Related posts

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

‍සියයට 500කින් කියුබාවේ ඉන්ධන මිල ඉහළට

Admin

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

colombotoday

මුස්ලිම් ජනතාවට උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි චීනයට චෝදනා

colombotoday

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

colombotoday

නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයි

Admin