Colombo Today Local News

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (19) අලුයම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල වලදී පස්කදු කඩා වැටී නිවාස දෙක කට හානි වී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයිද නිවසේ සිටි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කර ඇති බවද හතර දෙනෙකු ගේ ජීවිත බේරී ඇතැයි ද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

විශාල අඹගසක් සමඟ පස් කන්දක් නිවසට කඩා වැටී ඇත.

මේ අතර බණ්ඩාරවෙල පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසට හානි වී ඇති අතර එහි සිටි කුඩා දරුවෙකුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇතැයි ද බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

Related posts

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin