Colombo Today Local News

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලේ ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.‍

එබැවින් කොත්මලේ වේල්ලලෙන් පහළ කොත්මලා ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.

Related posts

අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විධායකය අහෝසි කළ යුතුයි

colombotoday

“බහුතරය මටයි.. අගමැති මමයි“ – රනිල් මෛත්‍රීට ලියයි

colombotoday

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

colombotoday

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

colombotoday