World

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති අතර බලධාරීන් පවසන්නේ ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.

සහන සේවකයින් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භකර ඇත.

සිල්ක්යාරා උමඟ ලෙස නම්කර ඇති උමගේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම පස් කඩා වැටීම සිදුවී ඇති අතර සේවකයින් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව සඳහන් ය.

Related posts

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ගන්නැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක්

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

අමෙරිකාවේ විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා

colombotoday

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

අල්ලාහ් වෙනුවෙන් “ලන්ඩන් බ්‍රිඩ්ජ්” නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin