ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර පසුගිය පෙබරවාරි මස 26 වැනි දින අත්සන් කරනු ලැබූ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල හානි කරන ගිවිසුමක් බව හෙළිවේ.
ආරක්ෂක හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් ලෙස දක්වමින් ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වොෂින්ටන් ඩී.සී. හිදී ඒකාබද්ධ ප්‍රකාශයක්ද සිදු කර තිබේ.
මෙම ගිවිසුම අනුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම මෙන්ම කලාපීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ මුහුද, ගොඩබිම මෙන්ම ගුවන් සීමාවන්ද ලබා දීමට එකඟ වී තිබේ.
මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට වඩාත් හානිකර වනුයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ලෙස පැමිණෙන ඕනෑම කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ ඉඩ ලබා දීමට සිදුවීමය. එසේම ශ්‍රී ලංකාවට අයත් සන්නිවේදන හා තාක්ෂණික කටයුතුද ඊට සමගාමීව එසේ පැමිණෙන හමුදාවන්ට ලබා දීමට සිදුවීම තුළින් මෙරට ආරක්ෂාව බරපතළ තර්ජනයකට ලක්වේ.
මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය බරපතළ ලෙස අනතුරකට හෙළා ඇති අතර මෙම ගිවිසුමේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.