Colombo Today Local News

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව අල්වායි ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට ප්‍රහාරයක් එල්ලකර ඔහු පළායාමට උත්සාහ ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් සැකකරුට වෙඩිතබා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

තුවාල ලැබූ සැකකරු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී එල්ලවූ කඩු ප්‍රහාර කිහිපයකට සහ සොරකම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවෙකි.

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්

Admin

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

බස්නාහිර මන්ත්‍රීන්ගේ පස්සට සැප දෙන යෝජනාව ආණ්ඩුකාරයා කණපිට හරවයි… ලක්‍ෂ 997 ඇනවුම අවලංගු කරයි…

colombotoday