Colombo Today Local News

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසීය.

එසේම පසුගිය වසර එක හමාරක කාලය තුළ වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේ‍ය.

ඒ හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළ වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඊට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

පවතින ගැටලුව මේ වනවිට අර්බුදයක් දක්වා වැඩි වී ඇති බවත්, එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකික කතක් නේපාලයේදී අත්අඩංගුවට..

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday