World

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට විමර්ශනයකින් අනාවරණය වී ඇති බව යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.

ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

යුරෝපා සංගමය විසින් පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ඩොලර් මිලියන 7කට වඩා ආධාර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

අවුන්සාන් සුකී සිරකළ වීරතු හිමියන්ට හමුදා පාලනයෙන් නිදහස? | පරගැති සුකීට එරෙහිව මියන්මාරයේ භික්ෂු සහය හමුදා පාලනයට.

colombotoday

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය පාලක කන්සර්වේටිව් පක්ෂයට. පරාජය හේතුවෙන් කම්කරු පක්ෂයේ නායකයා ඉල්ලා අස්වේ.

colombotoday

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

colombotoday