World

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කරයි.

‘නාසා’ ආයතනය මෙම අනාවරණය කළේ පසුගිය දා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇති මොහොතකය.
ඇමෙරිකාවේ නාසා ආයතනය දශක ගණනාවක් තිස්සේ, පියාඹන පීරිසි සම්බන්ධයෙන් දත්ත රැස් කරයි. ඇමෙරිකන් ගුවන් හමුදා බුද්ධි අංශයේ සහාය ද ඒ සඳහා ලබා ගනී.

නාසා ආයතනය ‘පියාඹන පීරිසි’ හඳුන්වන්නේ ‘හඳුනා නොගත් ආකාශ වස්තූන්’ යන නාමයෙනි. මෙම ‘වස්තූන්’, පැහැදිලි කළ නොහැකි අද්භූත සංසිද්ධියක් බව නාසා විද්‍යාඥයන් පිළිගෙන තිබේ.

නාසා ආයතනය, නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ ‘හඳුනා නොගත් එම ආකාශ වස්තූන්’, පිටසක්වළ ජීවීන්ගේ පියාඹන පීරිසි යැයි කීමට හෝ එසේ නොවේ යැයි කීමට හෝ හැකියාවක් නැති බවය. ඊට අමතරව, මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අසාමාන්‍ය සිරුරු සම්බන්ධයෙන් නාසා ආයතනය කිසිවක් පවසා නැත.

‘පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි කීමට හෝ පිටසක්වළ ජීවීන් බොරුවක් යැයි කීමට හෝ හැකියාවක් නැහැ. හඳුනා නොගත් ආකාශ වස්තූන් විශ්වයේ ඈත සිට පැමිණෙන පිටසක්වළ ජීවීන්ගේ අභ්‍යවකාශ යානා යැයි කීමට ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හමුවී නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් දිගටම විමර්ශන කළ යුතුයි’ යැයි පිටසක්වළ ජීවීන් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන් ඔවුන්ගේ පිටු 36 කින් සමන්විත වාර්තාව අවසන් කරමින් පැහැදිලි කර තිබේ.

Related posts

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday