Colombo Today Local News

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් ඊයේ (14) දහවල් හමුවී තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැත‍.

ගිරිදර හන්දිය ආසන්නයේ ඇති කඩ කාමරයක් කුළියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් එම කඩ කාමරය මිතුරෙකුට හා එම මිතුරා සමග පැමිණි කාන්තාවකට පසුගිය 13 වනදා රාත්‍රී කාලයේ නවාතැන් ගැනීම සඳහා ලබාදී තිබේ.

පසුදින පරීක්ෂා කිරීමේදී නවාතැන් ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුළ මියගොස් සිට ඇති බව කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බව දොම්පේ පොලීසිය පවසයි.

එමෙන්ම සිද්ධියෙන් පසු කාන්තාව සමග පැමිණි පුද්ගලයා අතුරුදන්වී තිබේ.

සිද්ධිය සම්බන්ධව දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෘතශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.

Related posts

ලොරි රථයක ගැටී 15 හැවිරිදි දරුවෙක් මරු දකි

colombotoday

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

colombotoday

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා.. 20ට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

colombotoday

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday