Colombo Today Local News

පොලීසියට තග දැමු පිය-පුතු අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රී කාලයේ දී ඇහැටුවැව පොලිස් වසමේ දළුපතගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී සැකකරු සමග ඔහුගේ පුතා එක්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබේ.

පසුව එම සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28ක් හා 52 හැවිරිදි මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (04)දින ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

එන පොට හරි නෑ.. යනඑන මං නෑ.. ෆොන්සේකා අලියාටම හේත්තු වෙයි

colombotoday

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

‘මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති’ – නීතිපති ජනපතිට දැනුම් දෙයි

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

නිධන් සොයා කැනීම් ඇරඹේ

Admin