World

ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයි

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් වී තිබේ.

හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත්ව ඇත.

ඒ අනුව ලෝක මලල ක්‍රීඩා කිරුළක් හිමිකරගත් පළමු ඉන්දියානුවා ඔහු වෙයි.

එම ඉසව්වේ ඔලිම්පික් ශූරයා ද වන චොප්රා මීටර් 88.17ක් දුර හෙල්ලය විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර රිදී පදක්කම පාකිස්තානයේ අර්ශාද් නදීම් හිමිකරගත්තේ මීටර් 87.82ක් දුරට හෙල්ලය විසිකරමිනි.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීට පෙර ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනාගත්තේ 2003 වසරේදී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් අන්ජු බොබී ජෝර්ජ් ය.

Related posts

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !

colombotoday

දින 6ක් තුළ බෝම්බ 6000ක් ගාසා තීරයට

Admin

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

යුක්‍රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

Admin