World

යුක්‍රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

රුසියානු හමුදා පාලනය යටතේ පවතින ප්‍රධාන වේල්ල කඩා වැටීමෙන් පසු ජනතාව දහස් ගණනක් ඉවත් කරමින් පවතින Kherson කලාපයේ ගංවතුර සහිත ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර දිගටම එල්ල වන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසා තිබේ.

මේ අතර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් යුක්‍රේනයට සහය දැක්වීම සඳහා මිත්‍ර පාක්ෂිකයින්ගේ කැපවීම යළි තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරේ පරිමාණය හේතුවෙන් යුක්‍රේන පාලනය යටතේ පවතින Kherson ප්‍රදේශයේ ඉවත් කිරීම් සිදු කරන ගලවාගැනීමේ කණ්ඩායම් සම්පත් අභියෝගවලට ද මුහුණ දී සිටින බව හදිසි සේවා නිලධාරියෙක් CNN පුවත් සේවය වෙත පවසා තිබේ.

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව වේල්ල කඩා වැටීමෙන් පසු ගංවතුර ප්‍රදේශවලින් ළමුන් 120ක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 2,339 ක් ඉවත් කර ඇති බව සඳහන් වේ.

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රජය සහ පළාත් පාලන ආයතන තමන්ට හැකි තරම් මිනිසුන් බේරා ගැනීම සඳහා නොනවත්වා කටයුතු කරන බවයි.

Related posts

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday