World

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

කෘත්‍රීම බුද්ධි විප්ලවය තුළින් තම සංවිධානයට අයත් රටවල රැකියා අවස්ථාවලින් 27%ක් පමණ අහිමිවීමේ අවදානමක් පවතින බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය ප්‍රකාශ කරයි.

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කොරියාව, තුර්කිය ඇතුළු රටවල් 38කින් සමන්විත මෙම සංවිධානය 1960 වසරේ පිහිටුවාගනු ලැබුවේ සියල්ලන්ට සශ්‍රීකත්වට, සාමානාත්මතාව, අවස්ථාවන් සහ යහපැවැත්ම සඳහා වූ ප්‍රතිපත්ති සැකසීමට සහ ඒ අනුව කටයුතු කිරීමටය.

සංවර්ධිත ධනවත් රටවල් මෙන්ම මෙක්සිකෝව සහ එස්තෝනියාව වැනි නැගී එන ආර්ථිකයන් ද ඊට අයත් වෙයි.

එමගින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කෘත්‍රීම බුද්ධිය මගින් රැකියා අවස්ථාවන්ට කැපීපෙනෙන බලපෑමක් ඇතිකරන බව මෙතෙක් පැහැදිලිව පෙන්නුම් නොකරන්නේ කෘත්‍රීම බුද්ධි විප්ලවය තවමත් මූලික අදියරේ පැවතීම නිසා බවය.

2023 වසරේ රැකියා දැක්ම යන තේමාව යටතේ එමගින් නිකුත් කර ඇති වාර්තාවට අනුව කෘත්‍රීම බුද්ධි සංවර්ධනයත් සමග ඇති වන ස්වයංක්‍රීයකරණය නිසා ශ්‍රම බලකායෙන් 27%කට ඍජු බලපෑම් ඇති කළ හැකි බවය.

එය ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ සාමාජික රටවල කෘත්‍රීම බුද්ධි මෙවලම් නිසා රැකියා අහිමි වන ශ්‍රම බළකායේ ලෙස අනුමාන කෙරෙයි.

කෘත්‍රීම බුද්ධිය මගින් ස්වයංක්‍රීයකරණය කළ හැකි බවට විශ්වාස කෙරෙන කුසලතා සහ හැකියාවන් 100 ක් අතුරින් 25කට වැඩි සංඛ්‍යාවක් යොදාගන්නා වෘත්තීන් මෙහිදී වැඩි අවදානමකට මුහුණ දෙයි.

මෙම සංවිධානය මගින් පසුගිය වසරේ පැවැත්වූ සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඉදිරි දසවසර තුළ කෘත්‍රීම බුද්ධි මෙවලම් නිසා තමන්ට රැකියා අහිමිවිය හැකි බවට සෑම ශ්‍රමිකයන් 5 දෙනෙකු අතුරින් තුන්දෙනෙකු ම බිය පළකළ බවය.

මෙම සමීක්ෂණය සඳහා ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයත් රටවල් 7ක නිෂ්පාදන සහ මූල්‍ය ක්ෂේත්‍රවල ආයතන 2000ක සේවකයන් 5300ක් යොදාගෙන තිබුණි.

එමෙන්ම මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ චැට් ජී.පී.ටී. CHAT GPT වැනි කෘත්‍රීම බුද්ධි යෙදවුම් ආදිය එළිදැක්වීමට පෙරය.

කෙසේ නමුත් කෘත්‍රීම බුද්ධිය නිසා ඇති වූ ස්වයංක්‍රීයකරණයෙන් තම රැකියාවලට අනතුරුදායක බව අවම කර ඇති බව ඇතැම් සේවකයින් පවසා තිබේ.

කෙසේ නමුත් කෘත්‍රීම බුද්ධිය සේවක පිරිස් සහ සේවා ස්ථානවලට අවදානමකට වඩා ප්‍රතිලාභ ඇති කර දෙන බව තීරණය වන්නේ අප විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුව බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ සමලේකම් මැතිස් කෝමාන් ප්‍රකාශ කරයි.

කෘත්‍රීම බුද්ධිය මගින් ගෙන එන අවස්ථාවලින් ප්‍රතිලාභ ලබාගැනීමට මෙන්ම වෙනසකට සූදානම් සේවක පිරිස්වලට සහායවීමට රජයන් කටයුතු කළ යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

අවම වැටුප් සහ ඒකාබද්ධ කේවල් කිරීම් තුළින් කෘත්‍රීම බුද්ධියෙන් ඇතිවෙන පීඩනය අවමකළ හැකි බවත් එහිදී සේවක අයිතීන් තහවුරු කිරීමට රජයන් සහ නියාමනයන් කළයුතු බවත් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය අවධාරණය කරයි.

මේ අතර මිනිසුන් සහ රොබෝවරුන් එකට සහභාගී වූ මාධ්‍ය හමුවක් ජීනිවා නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී පසුගියදා පැවැත්වුණි.

එහිදී මිනිසුන් නැගූ ප්‍රශ්නවලට හියුමනොයිඩ් නැත්නම් මිනිසුන්ට සමාන රොබෝවරුන් ඉතා බුද්ධිමත් පිළිතුරු ලබාදුන්නේය.

ගෝලීය ප්‍රශ්න විසඳීමට තමන්ට සහාය වියහැකි අතර මිනිසුන් සතු රැකියා කොල්ලකෑමට හෝ මිනිසුන්ට එරෙහිව කැරලි ගැසීමට කටයුතු නොකරන බවට රොබෝවරුන් මෙහිදී සහතික වි ඇත.

Related posts

රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Admin

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

“රාමසාන් මාසයේදී යුරෝපයට ප්‍රහාර එල්ල කරනු !” – ISIS ත්‍රස්තයන්ගෙන් නියෝගයක්

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday