World

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

වැනිලා නම් චිම්පන්සියා ප්‍රථමවරට කූඩුවකින් පිටතට පැමිණෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇතිවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම චිම්පන්සියා වසර 28ක් තිස්සේ මෙලෙස කූඩුවක සිරකර තබා ඇති බවය.

කෙසේ වෙතත් සත්ව සංවිධානවල මැදිහත්වීමෙන් පසුව මෙම වැනිලා නම් චිම්පන්සියා කූඩුවෙන් මුදාගැනීමට සමත්ව ඇත.

වැඩිදුර වාර්තා සඳහන් කරන්නේ වර්ෂ 1997දී වසා දමන ලද විද්‍යාගාරයක පරීක්ෂණ සඳහා යොදාගෙන අනතුරුව එම චිම්පන්සියා මෙලෙස කූඩුවක රඳවාගෙන ඇති බවය.

මෙහිදී සිදුවන සුවිශේෂී සිදුවීම වන්නේ එම චිම්පන්සියා කූඩුවෙන් පිටතට පැමිණ තවත් චිම්පන්සියෙකු වැළඳගන්නා අතර අනතුරුව විමතියට පත්ව අහස දෙස බලා සිටීමයි.

මෙලෙස වැනිලා චිම්පන්සියා නිදහස් කර ඇත්තේ ෆ්ලොරීඩාවේ ඇති චිම්පන්සියන් සඳහාම වෙන්වූ අභයභූමියකටය.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්,

https://www.dailymail.co.uk/video/news/video-2967633/Video-Touching-moment-Vanilla-chimp-sees-sky-time.html

Related posts

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Admin

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday