Colombo Today Local News

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලාකර ඒ වෙනුවට රණ්භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ, නින්දාන ප්‍රදේශයේ පදිංචි 40 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

සැකකරු තවත් දෙදෙනෙකු සමග එක්ව ව්‍යාජ මැණික් ගල්කැට ලබාදී ඒ වෙනුවට වටිනා රන් භාණ්ඩ ලබාගෙන තිබූ බවට ගාල්ල සහ කළුතර ප්‍රදේශයේ පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා රන්මාල 2ක්, රන් වලලු 2ක් සහ රන් මුදු2ක් ද සොයාගත් බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

Related posts

චන්ද්‍රිකා කිව් බොරුවක් අතේ පත්තුවෙයි.. චීනයෙන් දැඩි ප්‍රකාශයක් !!

colombotoday

රට වෙනුවෙන් සේවයට නැවත කැදවීමක්… නව ආරක්ෂක ලේකම් සෙන්පති කමල් !

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin