Colombo Today Local News

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15)දිනයේ සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී අද පස්වරු 3ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්ව පවතී.

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසීය.

නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වන බව ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මාර්ගගත ක්‍රමයට ඔබේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න…

www.immigration.gov.lk වෙත පිවිසෙන්න.

* ඔබේ ජංගම දුරකථනයට ලැබෙන මුරපදය ඇතුළත් කරන්න.

*අදාළ ලේඛනවල මුල් පිටපත් Scan කර ඇතුළත් කරන්න.

*නියමිත මධ්‍යස්ථානයට ගොස් ඇඟිලි සලකුණු ලබාදෙන්න.

ඇඟිලි සලකුණු ලබාගැනීමෙන් පසුව හදිසි සේවාවන් ඔස්සේ දින 3කින් හෝ සාමාන්‍ය සේවාව ඔස්සේ දින 14කින් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබයි.

0112 101 500 අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත හැකි අතර එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින් දැක්වේ

Related posts

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

colombotoday

දවස් 50න් මැජික් පෙන්නන්න බෑ

Admin

ඖෂධ හා උපකරණ තරගකාරීව මිලදී ගැනීමේදී බාධා මග හැරවීමට නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්

Admin

රට ගිනි කන්දක් උඩ. වගා කළ හැකි රජයේ ඉඩම් ගොවීන්ට ලබා දෙන්න.

colombotoday

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday