Colombo Today Local News

කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ – පීතෘ නිවාඩු ලබාදීමටත් නීති ගෙනෙන නව කම්කරු නීති පනතක්

කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරවල දී ඉදිරිපත්වූ යෝජනාවන්හි සංක්ෂිප්තයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පීතෘ නිවාඩු ලබාදීම සඳහා වන නීති ද ගෙන එන බවයි.

ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දෙන බවත් එමගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් මනුෂ නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළේය.

සේවකයින් සේවා ස්ථානයේ සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා නෛතික ප්‍රතිපාදන සකස් කිරීම, සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය හා විරැකියාවකදී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම සහ පඩි පාලක සභා ආඥා පනතේ සාප්පු හා කාර්යාල සේවක පනත සැමට සමානව කටයුතු කරන ආකාරයෙන් සම්පාදනය කිරීම පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය කෙරුණි.

Related posts

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ වීමේ හේතු මෙන්න

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කාල සීමාවන් වෙනස් කෙරේ

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක..

Admin

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

පාර්ලිමේන්තුවත් තව්හිද් ත්‍රස්ත කදවුරක්, මේ රට සිරියාවක් වෙනතුරු බලා ඉන්න එපා ! – උදයශාන්ත ගුණසේකර

colombotoday