Colombo Today Local News

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

ඊයේ (29) දහවල් කාලයේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම දරුවා දිය නාමින් සිටිය දී දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Related posts

දඹුල්ලේ ගිනිතැබීම් සහ පහරදීම් සම්බන්දයෙන් ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin