Colombo Today Local News

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

පිරිසක ගේ ප්‍රහාරයකට ලක්ව කටාන ඇඟලුම්හල් ආයෝජක ඕමාන් ජාතික කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්ල මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ දැනුම් දීමෙන් පසුව ඔහු ශ්‍රි ලංකාව හැරයාමට ගෙන තිබු තීරණය ඉවත් කර ගත් බවට ඕමාන් ජාතික ආයෝජකයා දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉකුත් මාර්තු මස 30 දින කිසියම් පිරිසක් කටාන පිහිටි එම ඇඟලුම්හල වෙත කඩා වැදී එම ආයෝජකයාට පහර දී තුවාල සිදුකර තිබුණි.

එම සිද්ධියෙන් පසු ඒ මහතා ශ්‍රි ලංකාවේ ඇගලුම් කම්හල වසා ශ්‍රි ලංකාව හැරයාමට තීරණය කර තිබුණි.

මෙම සිද්ධියෙන් පසු ඕමාන් ජාතික කල්ෆාන් සෙයිඩ් ඔබේදාන් සහ කළමනාකරණ නියෝජිත යසීර් ලහීර් යන මහත්වරුන් සමග අද (9)දින ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මෙම තීරණයට එළඹුන බවද එම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී ටිරාන් අලස් මහතා ඕමාන් ආයෝජක ඔබේදාන් මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවට එහිදී පොරොන්දු වු බවත්, මෙම සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ බවටත් දැනුම් දී ඇත.

ඔබේදාන් මහතාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බවට මෙහිදී ටිරාන් අලස් මහතා ඕමාන් ජාතික ආයෝජකයාට දැනුම් බව අමාතයාංශය ආරංචි මාර්ග පවසයි.

තම ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව ආයෝජකවරයා සිය ස්තුතිය පුද කර ඇත.

අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව හැරනොයන බව තීරණය කල බව ආයෝජකයා අවධාරණය ප්‍රකාශ කළ බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඔහු කිසිවිටකත් ශ්‍රී ලංකාව හැර නොයන බවට සහතික වන බවත්, මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ආයෝජකයා ප්‍රකාශ කළ බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

Admin

කොරෝනා මරණ ආදාහනයට විරුද්ධව මංගල සමරවීර සමග හතර පස් දෙනෙක් සුදු රෙදි පටි ගැටගසයි.

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday