Colombo Today Local News

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට, රහසිගතව ඇතුළු වූ අයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මරා දමා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 15, මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි බී.ඩබ්ලිව්.රුවන්ජිත් විජිත 24 හැවිරිදි පුද්ගලයෙකි.

මැදවච්චියේ දී සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිව් දෙනකු එක්ව මෙම පුද්ගලයාට පොලුවලින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලබා එම තරුණයා රෝහල් ගත කර තිබූ බව පොලීසිය කියයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ 4වන මහලේ පිහිටි, පිරිමි ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මරණකරු බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ අයකු බවද වාර්තා වේ.

Related posts

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ S M හාලිෆ් ආචාර්යවරයා ලිංගික අල්ලසක් නැත්නම් විභාගය අසමත් කරනවා

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයි

colombotoday

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…

colombotoday

චීන්නුන්ට දුන් සයිනොෆාම් එන්නත්තේ ඉතිරිය ලාංකිකයන්ටත් දෙන්න යයි | නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වූ පසුවයි.

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

colombotoday