Colombo Today Local News

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරෙදි තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාර පදිංචිව සිටි මොහොමඩ් සුදුර් මොහොමඩ් ඉර්ෆාඩ් යන 39 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී පහරදීම සිදුකර සැකකරුවන් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇති අතර ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් ද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

අගමැති ඉල්ලා අස් වෙන්නේ නෑ – සභානායක දිනේෂ් ගුණවර්ධන

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

අද කාලගුණය

colombotoday