Colombo Today Local News

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

දිවයිනේ අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක් යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් දීමට එම නියෝජිතායතනය එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

USAID ආයතනය විසින් තෝරාගෙන ඇති පරිදි මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල දිස්ත්‍රික්ක වල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතය.

Related posts

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ | පළවූ වාර්තා අසත්‍යයක්

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

ඉන්දියානු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට.. ජනපති මෛත්‍රී ගැන කියා ඡායාරූපයක් පෙන්වයි

colombotoday

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday

නිධන් සොයා කැනීම් ඇරඹේ

Admin