Colombo Today Local News

රුපියල ඉහළ යෑමෙන් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

රුපියල ඉහළ යෑම මගින් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කිරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පල කළේය.

“මේ සමාජයේ ප්‍රවෘත්තියක් තිබෙනවා රුපියල, ඩොලරයට සාපේක්ෂව අධි ප්‍රමාණය වුණු බවට. මේ අනුව ආර්ථිකය ස්ථායීකරණයට පත්වෙනවා කියන මතය සමාජයේ පැතිරෙනවා. මේ වගේ එක දර්ශකයකින්, ඒ කියන්නේ රුපියල ඉහළ යෑම මගින් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ.

අපි තේරුම් ගත යුතු කරුණක් තමයි එවැනි අනුපාතයක් බලපානවා, ආනයනය කරන භාණ්ඩවල මිල ගණන්වලටද ඒ වගේම අපනයනකරුවන්ට. විදේශ විනිමය මුදල් පවත්වාගෙන යන අයට. ඒ අනුව විනිමය අනුපාත එකවර කඩා වැටීම හෝ ඉහළ යෑම දෙකම හොඳ නැහැ.” යනුවෙන් ද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

Related posts

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

colombotoday

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

colombotoday

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday