Colombo Today Local News

සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා අත්අඩංගුවට.. හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (17)දින සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ ඝාතනයෙන් පසු සැකකාර සිසුවා ද සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට තහවුරු නොකළ තොරතුරු වාර්තා වී ඇති බවය.

ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට රැගෙනවිත් තිබේ.

කොළඹ තුරඟ තරඟ පිටියේදී ඝාතනය කර සිටි තරුණියකගේ සිරුරක් අද දහවල් සොයාගැනුණු අතර පසුව අනාවරණය වූයේ එම තරුණිය සරසවි සිසුවියක් බවය.

24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් වන ඇය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබේ.

“විශේෂයෙන්ම මෙම ඝාතනය පිළිබඳව තොරතුරු ලැබීමත් සමග සැකකරුව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩයම් කිහිපයක්ම කොළඹ ප්‍රදේශයේ යොදවනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශ‍යෙන් අද දින සවස වනවිට මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා.”

“සැකකරු හඳුනාගැනීමත් සමගම ඔහු ගැවසිය හැකියැයි සැකකරන ප්‍රදේශ කිහිපයකටම පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොමු කළා. නමුත් මෙම සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තමයි හඳුනා ගත්තේ.”

“ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට තමයි එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. මෙම ඝාතනය සිදුකිරීමට භාවිතා කරනු ලැබූ ලේ තැවරුණු පිහියක්, ඒ වගේම ලේ තැවරුණු බෑගයක් සොයා ගත්තා.”

“කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තමයි මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක්. වයස අවුරුදු 24ක පමණ අයෙක්.”

“සැකකරුත් විද්‍යා පීඨයේම තමයි අධ්‍යාපනය ලබන්නේ. මෙම ඝාතනය සිදුකළේ කුමණ කරුණක් නිසාද යන්න තවම අනාවරණයවීමක් නැහැ. නමුත් මෙම ඝාතනය කිරීමෙන් පසුව සැකකරුත් යම්කිසි ආකාරයක සියදිවි නසාගැනීමකට උත්සාහ දරා ඇති බවටත් තොරුතුරු ලැබිල තියෙනවා. නමුත් එය ස්ථිරව කියන්න බැහැ.”

“ඒ නිසා තවදුරටත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකෙරෙනවා.”

Related posts

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම්

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin

කැබිනට් රැස්වීමේදී අමුතු දෙයක් වෙයි… අසුන්ගෙන සිටියදීම ජනපතිගේ අසුන දෙදරයි !

colombotoday

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday