Colombo Today Local News

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

waseem-thajudeen-640x400රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය නිකුත් කළේ ය.

මෙම මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වන බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර තිබේ.

මෝටර් රථයක් තුළ පිළිස්සී තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුර 2012 වසරේ මැයි 17 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේදී හමුවිය.

තාප්පයක ගැටුණු තාජුඩීන් මහතාගේ මෝටර් රථය අනතුරුව ගිනි ගෙන ඇති බවට සැකකරන බව එවක පොලීසිය ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් පසුව ඔහුගේ බවට සැකකරන මුදල් පසුම්බියක් ද සිද්ධිය වූ ස්ථානයට නුදුරින් තිබී හමුවී තිබිණ.

Related posts

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

Admin

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

colombotoday

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin