Colombo Today Local News

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබේ.

ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර නියෝජය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනා ලබන 13 වැනි දා දක්වා රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් ඊයේ (09)දින අවසර හිමිවිය.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ පස්වරුවේ මොනාරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නිදන් හාරන පිරිසක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව පෙරේරා දහවල් ජීප් රථයක් නවතා කළ පරීක්ෂාවේදී එම ජීප් රථයේ සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියැදුරු සහ තවත් පුද්ගලයින් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

නිදන් හෑරීම සඳහා පොළොව පරීක්ෂා කරන උපකරණයක් ද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂකාර්ය බලකාය පසුව සොයා ගත්තේ ය.

ඒ අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ සිවිලිමේ සඟවා තිබු ගංජා පැළ තොගයක් ද නිවස පරීක්ෂා කිරීමේදී සොයා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ගංජා පැළ 650 ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස මේ වනවිට රඳවා ඇත්තේ, පස්සර පොලිස්ථානයේයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මුලිකත්වයෙන් කණ්ඩායමක් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

colombotoday

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin