Colombo Today Local News

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් ඉකුත් දෙසැම්බර් 8 සහ 9 දින වල හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එළු මස් සහ හරක් මස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබිණි.

අනතුරුව කළ රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම සත්ව මරණ වලට හේතුව හදිසියේ ඇති වූ ඇතිවූ සීතල කාලගුණය නිසා ඇතිවූ කම්පනය බවයි.

ඒ අනුව සත්ව මරණ වලට හේතුව වසංගතයක් නොවන බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related posts

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

colombotoday

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday