Colombo Today Local News

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ දමා ගොස් සිටි බිළිදියක් අද(2) පෙරවරුවේ සොයා ගත් බව පොල්පිතිගම පොලීසිය පවසයි.

පොල්පිතිගම සිට හිරිපිටිය මාර්ගය දක්වා දිවෙන මාවත අයිනේ පූගොල්ලාගම වෙල්යාය සීමාවේ ගමන් ගත් තැනැත්තියකට බිළිදෙක් අඩන ශබ්දය සොයා බැලීමේදී මෙම දරුවා දැක තිබේ.

ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් බිළිදිය බේරාගෙන පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

රෙදි කැබැල්ලකින් ඔතා දමා ගොස් සිටි බිළිදිය නිසි ලෙසට පිරිසිදු කර තිබී නොමැති හෙයින් රෝහල් කාර්යය මණ්ඩලය යුහුසුලූව දරුවා පිරිසිදු කිරිමීට පියවර ගෙන තිබේ.

කිරි නොමැතිව කුස ගින්න හමුවේ හඩා වැටෙන අවස්ථාවේ දී පොල්පිතිගම පොලීසියේ කාන්තා පොලිස් කොස්තාපල් පී. සුරේකා හා දන්ත වෛද්‍ය නදීශානි නිමන්තිකා කළඹුල්ල මහත්මිය එක්ව වරින් වර මවුකිරි දීමට කටයුතු කර අත.

Related posts

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

colombotoday

මුදල් ඇමති මංගලගේ ලිපිය ගැන CID පරීක්ෂණ…

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday