Colombo Today Local News

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

සංචාරක වීසා මත රැකියා සඳහා ගොස් ඕමානයේ හා ඩුබායිහී අතරමංවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 140 දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා සදහන් කරන්නේ, ඔවුන්ට එරෙහිව නීතිමය ගැටළු පවතී නම් එම තත්ත්වය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගන්නා බවය.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්යයි.

විදේශ සේවා නියුක්ති කර්යාංශය පවසන්නේ, සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් කරන ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවය.

අධිකරණයෙන් වරදකරුවන් වීම හා අධිකරණය මගහැරීමට ද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Related posts

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

colombotoday

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday