Colombo Today Local News

තිළිණිගේ හොර වැඩ වලට ගයිට් කළ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුනා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25)දින නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල පාර රාජගිරිය පදිංචි රූපලාවණ්‍යාගාර හිමිකරුවකු වන ප්‍රියන්ත කුමාර නැමැත්තාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනේ එක්සත් රාජධානියේ රැකියාවක නියුතු මෙරට ව්‍යාපාරිකයෙකි.

Related posts

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

5,000 දීමනාව අනු කමිටුවේ යෝජනාවක් නොවේ.. අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක්

colombotoday