Colombo Today Local News

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

දඹුල්ල පිහිටි කර්මාන්ත ශාලාවක ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවීමෙන් පුද්ගලයෙකු ඊයේ (20) සවස් කාලයේදී මිය ගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 47ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු දඹුල්ල කණ්ඩලම පාරේ පිහිටි කර්මාන්ත ශාලාවක ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයක රියැදුරු වශයෙන් කටයුතු කර ඇත.

ට්‍රක් රථය පසු පසට ධාවනය කිරීමේදී ඉහළින් තිබූ වයරයක් එහි පැටලීම හේතුවෙන් එය ඉවත් කිරීමට යාමේදී ට්‍රක් රථය ක්‍රියාත්මක වී එහි යකඩ ගාඩරය හා වහලයට හිස සිරවීමෙන් බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විමර්ශන සිදු කරයි.

Related posts

උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්න

Admin

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday

කෙනෙහෙළිකම් නොකර එකවර එල්ලා දමන්න

Admin

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

colombotoday

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වීමට දින නියමකරගන්නැයි ඉතිරි ශ්‍රීලනිප ඇමතිලාටත් ජනපති දන්වයි…

colombotoday