Colombo Today Local News

පියා රිළවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී රෝහලේ…

සිය පියා විසින් රිළවු රංචුවක් පළවා හැරීමට වායු රයිෆලයකින් තබන ලද වෙඩිල්ලකින් දියණියගේ පිටුපස ප්‍රදේශයේ ඉණෙන් පහළට වැදීමෙන් තුවාල ලබා ඉකුත් 14 වන දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පිංදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ පිංදෙණිය පොලිස් වසමේ අරුග්ගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටින 17 හැවිරිදි තරුණියක බව පොලිසිය සදහන් කරයි.

ප්‍රතිකාර ලබන තරුණිය ඉකුත් 14 වන දා දහවල් සිය නිවසේ ඇති කරන බල්ලා සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටන අවස්ථාවේදී රිළවු රංචුවක් පිට වත්තක සිට තරුණියගේ ගෙවත්තට පැමිණ ගස් ගෙඩි කා විනාශ කර දමමින් සිට ඇති බවත් එම අවස්ථාවේදී තරුණියගේ පියා නිවසේ තිබූ ඔහුට අයත් වායු රයිෆලය ගෙන මිදුලට පැමිණ තිබේ. මිදුලේ තරුණිය සමග සෙල්ලම් කරමින් සිටි බල්ලා රිළා රංචුව දෙසට දිව යන අවස්ථාවේදී රිළවුන් විසින් බල්ලා අල්ලාගෙන කා දමාවි යැයි සැකයට තරුණිය බල්ලා අල්ලා ගැනීමට පිටුපසින් දිව ගොස් තිබේ.

පසුව තරුණියගේ පියා රිළා රංචුව දෙසට වායු රයිෆලයෙන් එල්ල කරන ලද වෙඩිල්ලක් දිව යමින් සිටි දියණියගේ ඉණෙන් පහළ ප්‍රදේශයට වැදී තුවාල ලබා සිටි දියණිය පියා විසින් ත්‍රිරෝද රථයකින් පිංදෙණිය තොරණගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇත.

කෑගල්ල මහ රෝහලේදී තරුණියට ශල්‍යකර්මයක් ද සිදුකර ඇති අතර රෝගියාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිංදෙණිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත ප්‍රියදර්ශන දිසානායක මහතාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු සිදු කරන අතර කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළේ කාන්තා පොලිස් සැරයන් පුෂ්පා (4047) නිලධාරිනිය මූලික විමර්ශන කටයුතු සිදු කර තිබේ.

Related posts

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday