Colombo Today Local News

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට සැබෑ කැමැත්තක් දක්වන බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.

එම මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රට ලෙස ප්‍රංශ පොලිනීසියා රාජ්‍ය තේරී පත් වී ඇත.එම දර්ශකයේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව ඇති අතර අවසන් ස්ථානය පිලිපීනයට හිමිව තිබේ.

ගාලු කොටුව, මිරිස්ස සහ සීගිරිය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ලෙස සී.එන් ට්‍රැවලර් සඟරාව සඳහන් කර තිබේ.

Related posts

හෙටත් ගෑස් නෑ

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday