Colombo Today Local News

ගොවීන්ගේ කෝටි 25කට විදලා මූල්‍ය සමාගමක හිමිකරු රට පනින්න සැලසුමක

ගලෙන්බිඳුණුවැව හා හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවි ජනතාවගේ රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් වංචා කළ මූල්‍ය සමාගමකට එරෙහිව ජාතික ගොවි ජන එකමුතුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (සැප්. 27)දින පැමිණිලි කර තිබේ.

ගොවි ජනතාව තැන්පත් කළ මුදල් නැවත ඉල්ලීමට ගිය අවස්ථාවේදී මූල්‍ය ආයතනයේ හිමිකරු ගොවීන්ට මුදල් නොදී ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවී සිටින බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධා තෙන්නකෝන් පවසයි.

බිරිය සහ දරු දෙදෙනා සමග ඔහු විදේශ ගතවීමට ලිපි ලේඛන සකස් කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත්, මේ සම්බන්ධව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ගොවීන් පැමිණිලි කිරීමට ගිය ද පැමිණිලි භාර නොගන්නා බව ත් සභාපතිවරයා සඳහන් කරයි.

“පොලිසියට කරන්න දෙයක් නෑ. තම තමන් එම ගැටලුව බලාගන්නා,” ලෙසට රඹෑව ඇතුළු පොලිස් ස්ථාන ගොවීන්ට දැනුම් දී තිබෙන බව ද තෙන්නකෝන් මහතා පවසයි.

එකී පොලිස් ස්ථාන පැමිණිල්ල භාර නොගැනීම නිසාවෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බව පැවසූ හෙතෙම ගොවීන් පත්ව ඇති අසරණභාවය සලකා මෙම මූල්‍ය ආයතනයේ ප්‍රධානියාගේ විදේශ ගමන් තහනම් කර අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව සඳහන් කරයි.

Related posts

වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයි

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා ඇද දමා නිවස අත්පත් කර ගැනීමට උත්සහා දැරූ උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අල්ලන්න හොයයි

colombotoday

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

colombotoday