සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු හිමිවරුන් හතර දෙනෙකු අද හෝමාගම පොලීසියට බාර වී තිබේ.
පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් උන්වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පූජ්‍ය ගලගොඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා මත උන්වහන්සේලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පසුගියදා අධිකරණය විසින් නියෝග කර තිබිණි.