Colombo Today Sports News

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගනී

පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක රිදී පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා අතරට එක් විය.

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය පැරා ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීම එෆ් 42 – 44 අංශයෙන් තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලක දිනූ පළමු රිදී පදක්කම එය වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටී.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට | රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්.

colombotoday

අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

colombotoday

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

colombotoday

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයි

Admin

ලංකාවට රිදී පදක්කමක්

Admin

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday