Colombo Today Local News

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

පසුගිය මස 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයා අසුන්ගන්නා පුටුවේ අසුන්ගෙන ඡායාරූප ලබාගත් තරුණයෙකු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

28 හැවිරිදි සැකකරු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මේ අතර අරලිය ගහ මන්දිරයට ඇතුළු වී අයුතු ජනරාශියක සමාජිකයින් වූ දෙදෙනෙකු ඊයේ ජා-ඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

35 හා 37 හැවිරිදි සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය මස 13 වැනි දා කොළඹ 07 මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

ඒ, එම සිද්ධිය සම්බන්ධ සමීප අවේක්ෂණ දර්ශන විමර්ශනයේදී ලබාගත් ඡායාරූප කිහිපයක් ද මාධ්‍යයට නිකුත් කරමිනි.

එම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718 594 950, 0718 594 901 හා 0718 594 924 යන අංකවලට WHATSAPP හෝ ඇමතුම් මගින් දැනුම් දිය හැකියි.

මීට අමතරව 011 242 21 76 යන දුරකතන අංකයට ද ඒ සම්බන්ධ තොරතුරු දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

සහරාන් සහ නීතිඥ හිස්බුල්ලා මද්‍රසා පාසල් ළමුන්ට අවි පුහුණු ලබා දුන් බව හෙළිවේ

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

පාඩු ලබන බව පෙන්වා ජාතික ගුවන් සේවය විකුණන් කෑමේ මෙහෙයුම මෙන්න !

colombotoday

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

colombotoday

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday