World

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර තිබේ.

ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, ‍ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සී.අයි.ඒ සංවිධානය විසින් ඊයේ (01)දින සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මිය ගිය බවයි.

අදාළ ප්‍රහාරය සඳහා වන අවසන් අනුමැතිය ඔහු ලබා දුන් බව ද ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ය.

ඩ්‍රෝන යාන ප්‍රහාරය එල්ල කරන විට 71 හැවිරිදි අල්කයිඩා නායකයා ආරක්ෂිත නිවසක සඳලු තලයේ සිටි බව සඳහන් වේ.

ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද ඔහු සමග එම ස්ථානයේ සිටි බවට වාර්තා පළවුවත් ප්‍රහාරයෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කිරීමෙන් පසු 2011 වසරේදී අයිමන් අල් සවාහිරි අල්-කයිඩා සංවිධානය භාර ගත්තේ ය.

Related posts

Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයි

colombotoday

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

colombotoday

ගෝලීය ත්‍රස්තවාදියා ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ට වරෙන්තු

colombotoday

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin