Colombo Today Local News

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

අප්‍රේල් මස අග සිට මේ දක්වා විදෙස් ගමන් බලපත්‍ර සඳහා අසාමාන්‍ය ඉල්ලුමක් පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

දෛනිකව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන සෑම ඉල්ලුම්පත්‍රයක් සඳහාම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඒ අනුව, දෛනිකව එක්දින සේවාව මගින් නිකුත් කෙරෙන උපරිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500 කි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව පැවසුවේ, උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවා ලබාදීමෙන් උපරිම ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කෙරෙන බවයි.

ඒ හේතුවෙන්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද ඇය ප්‍රකාශ කළා ය.

වසරේ ගත වූ කාලය තුළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ මාර්තු මාසයේදීය.

එම සංඛ්‍යාව 74,890 කි.

ජනවාරි, පෙබරවාරි, අප්‍රේල් හා මැයි මාසවලදී 50,000 ඉක්ම වූ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර තිබේ.

2021 වසරේ නිකුත් කර ඇති සමස්ත විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 382,506 කි.

Related posts

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

colombotoday

බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුගල වනෝද්‍යානයට කඩා පනී. | මායිම් ගල් ගලවා දමා මහා වන සංහාරයකට අර අඳියි.

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. මුස්ලිම් කොංග්‍රසය පුත්තලමේ බලය අල්ලයි..

colombotoday

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday