Colombo Today Local News

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කර තිබේ.

පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර මහතා වැඩබලන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ අද සිට දින 14ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි බව සඳහන්ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු අවසන් කර නැවත රාජකාරී සඳහා වාර්තා කරන තෙක් අදාළ පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

ජීවිතේට රනිල් යලි අගමැති කරන්නෑ – ජනපති විදෙස් මාධ්‍යටත් කියයි

colombotoday

පූටීන් හමුවීම ගැන මෛත්‍රී ආඩම්බරයෙන් !

colombotoday

ඥානසාර හිමි සිරගත කල ආණ්ඩුවට උත්තර දෙන්න ජනතාව බලාගෙන ඉන්නවා

colombotoday

මහ බැංකු අධිපතිවරුන්ට අසුභ ආරංචියක්

Admin

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday