Colombo Today Local News

පොහොර සැපයීම සහතික කරන්න ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි

රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමග අද (27)දින සාකච්ඡාවක් පවත්වා තිබේ.

ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් දැනුම් දී ඇත්තේ, බැංකු විසින් ඩොලර් නිකුත් කරනු ලැබුවහොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකි වන බව ය.

කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත, නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ, යුක්‍රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා සිටින බව ය.

හිඟය වැඩි වන විට, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇති බව ඔහු අවධාරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයා නිධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ, නාගරික ප්‍රදේශවල වගා කළ හැකි උපයෝගිතා ඉඩම් හඳුනා ගන්නා ලෙස ය.

රට භයානක තත්ත්වයක පවතින බව ත් එයින් ගොඩ ඒමට නම් ඒකාබද්ධ උත්සාහයක් අවශ්‍ය බව ත් ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.

Related posts

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙති

colombotoday

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin