Colombo Today Local News

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

ඇතැම් අත්‍යාවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේ දී අනුමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභී වානිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව මෙරටට භාණ්ඩ ආනයන ක්‍රියාපටිපාටියේ දී ණයවර ලිපි (LC) විවෘත කිරීමේ දී 100% ක මුදල් ආන්තික තබා ගෙන ඒවා නිකුත් කළ යුතු බවට මහ බැංකුව නියෝග කර ඇත.

එසේම මුදල් ආන්තික සඳහා බැංකු විසින් ණය පහසුකම් ලබා දීමෙන් වැළකිය යුතු බවද මහ බැංකුව විසින් බැංකුවලට දැනුම් දී තිබේ.

බැංකු පද්ධතිය තුළ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හා විදේශ විනිමය ද්‍රවශීලතාවය පවත්වාගෙන යාමේ අරමුණු ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මණ්ඩලයේ නිර්දේශ පරිදි මෙම පියවර ගෙන ඇත.

නිකුත් කරන ලද සම්පූර්ණ චක්‍රලේඛය පහතින්…..

Related posts

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

colombotoday

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday

පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday