Colombo Today Local News

“ආරක්ෂාව පතා හිටපු අගමැති ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර රැගෙන ගියා”

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (11) පස්වරුවේ පැවසීය.

අරලියගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි රැඳීසිටීම සුදුසු නොවන බවත් ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට තාවකාලිකව රැගෙන ගිය බවත් පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

ඥානසාර හාමුදුරුවෝ සිරගත කිරීම යුක්තියේ නාමයෙන් සිදුවන අපරාධයක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday

ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය සංගක්කාරට

Admin

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday