විරෝධතා නොමැති ප්රදේශවල අද දිනයේ බස් රථ සියයට 25 ත් 30 ත් අතර ප්රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටින්නේ, විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කිරීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.