Colombo Today Local News

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසර මාවතකට ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂිහිරෝ නොසාකි මහතා පවසා ඇත්තේ, අඟහරුවාදා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමග ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

නොසාකි මහතා අවධාරණය කර ඇත්තේ, එසේ වුවත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව, විශේෂයෙන් දුප්පත් ජනතාව සහ අවදානමට ලක්විය හැකි අය විඳින දුෂ්කරතා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.

ක්ෂණික මූල්‍ය පහසුකම් ලබාදීම සලකා බැලීම සඳහා ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව පරීක්ෂාකර බැලීම අවශ්‍ය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා අවධාරණය කර තිබේ.

Related posts

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Admin

“අගමැති ඇතුළු එජාපයට තරු පෙන්නනවා” – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

colombotoday

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

ඉන්දුනිසියානු “සෝජාන් වගා ක්‍රමය” ශ්‍රී ලංකාවට

colombotoday

පළාත් සභා බලය ඉල්ලා කෑ ගහන අය බලය තිබිලත් වැඩ කරන්නෑ.. වැඩකටම නැති මහ ඇමති විග්නේෂ්වරන්

colombotoday