Colombo Today Local News

අරගල කරුවෝ ආධාර මුදල් තරගෙට කොල්ලකති. සන්නස්ගල එලිපිට බැණවදී. | රැට්ටෝ කුරුට්ටෝ බට්ටෝ අප්පොච්චිට චෝදනා.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් අතර ආධාර මුදල් සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

මෙම මිලියනයේ විරෝධතාවයට ආධාර සදහා විදේශයන් මගින් ලැබෙන මුදල් යූ ටියුබ් ක‍්‍රියාකරුවන් විසින් වංචනික ආකාරයෙන් භාවිතා කරන්නේ යැයි ඔවුන් එකිනෙකා චෝදනා කරමින් සිටිති.

විරෝධතාවයේ ප‍්‍රමුඛ සාමාජිකයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ද තම සමාජ ජාල ගිණුමේ එම තත්ත්වය අවවාදාත්මකව සටමනක් පල කර ඇති අතර පසුව එය ඉවත් කර තිබේ.

ඇතැම් යූටියුබ්කරුවන් දන්සැල් මුවාවෙන් දන්සැල් මංකොල්ල කන බවටද සන්නස්ගල විසින් චෝදනා කර තිබේ.

යූ ටියුබ්කරුවන් තවත් දෙතුන් දෙනෙකුම් මෙන්ම විරෝධතාවට සහාය දෙන ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ද මෙම අනතුරු අගැවීම කර ඇත්තේ මුදල් ආධාර ලබා දෙන්නේ නම් විශ්වාසවන්ත අයෙකුට පමණක් ලබා දෙන ලෙසයි.

මේ අතර විරෝධතා ස්ථානයට ආධාර ලෙස ලැබුණු ජලබෝතල් විකිණීමක් සිදුව ඇති බවත් ඒ ගැනද ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත් දැනගන්නට ඇත.

මෙම මිලියනයේ විරෝධතා කරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වනුයේ හොරු එලවිය යුතු බවත් සොරකම් කල මුදල් ආපසු ලබා ගත යුතු බවත්ය.

Related posts

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

Admin

වරාය ගිවිසුමෙන් රටට වෙන විපත විජේදාස පහදයි.. ඇමති රොත්තම මූණට කඩාපනී !

colombotoday

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් පැන අයෙක් දිවිනසා ගනී

colombotoday