Colombo Today Local News

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් වාර්තාවට අනුව සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ලද නව ණය මුදල පිළිබඳ ඉල්ලීම ඉටු කරන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී ඇති බවය.

මෙය දැනටමත් ඉන්දියාව විසින් ප්‍රතිඥා දී ඇති ඩොලර් බිලියන 1ක ණය මුදලට අමතරව ලබා දෙනු ඇති.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මාසයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ඩොලර් බිලියන 1 ක මුල් ණය මුදලක් ලබා ගැනීමේ ගිවසුමටකට ද අත්සන් තැබුවේ ය.

ඊට අමතරව, ඉන්දියාව මේ වසර මුලදී ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දුන්නේ ය.

Related posts

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday