භානුක රාජපක්ෂ යනු හොඳ අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයෙකු බවත් එළෙඹෙන ඉන්දීය සංචාරයට තෝරා නොගැනීම පිළිබඳව කරුණු ක්‍රීඩකයාට මෙන්ම අමාත්‍යවරයා ලෙස තමාටත් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දන්වා ඇති බවත් එම කරුණු ක්‍රීඩකයාගේ පෞද්ගලික කරනා බැවින් ප්‍රසිද්ධියේ කතා නොකළයුතු කරනා යැයි පාර්ලිමේන්තුවේදී නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.
භානුක රාජපක්ෂ ඉතා ඉක්මනින් කණ්ඩායමට පැමිණෙනු ඇතැයි තමන් ද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.